පෙබරවාරි 01 වන දා සිට ඉන්ධන මිල සියයට 500කින් ඉහළ යයි.. ‍

Businessman Fuel Price In World World
By Aruna Jan 10, 2024 06:29 AM GMT
Report

ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කියුබානු රජය නිවේදනය කර ඇත්තේ, ලබන පෙබරවාරි මස පළමුවැනිදා(01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමෙන බවයි.

අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා අතර ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25කින් ඉහළ දැමීමට සිදුවන බවයි, කියුබානු රජය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, එරට උද්ධමනය ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීම හරහා එම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.

මිලියන 11ක ජනගහනයක් වෙසෙන කියුබාව 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

Sponsored By Sarrita Jewellery

Gallery