පෙට්‍රල් ලීටරයක් 468 සහ ඩීල් 477 වෙයි.. නව මිල ගණන් ලැයිස්තුවක් මෙන්න..
එළඹෙන ජනවාරි මස පළමු වැනිදා සිට ඉන්ධන හා ගෑස් මිලට වෙනස්වීම පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් අදහස් පල කිරීමක් සිදුකරයි.
මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය සඳහන් කළේ වැට් බද්ද ක්‍රියාත්මක වීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ධ ඉන්ධන සහ ගෑස් සඳහා ඉවත් වනු ඇති බවයි.
ඉන්ධන සඳහා එම බද්ද 7.5% ඉවත්වනු ඇති අතරත් ඒ අනුව ඉන්ධන මත බලපානු ඇත්තේ 10.5 %ක බදු ප්‍රතිශතයක් පමණක් බවයි පැවසෙන්නේ.
ගෑස් සඳහා වැට් බදු අනුපාතය ක්‍රියාත්මක කිරීමේදී 2.5%ක් වරාය හා ගුවන්තොටුපල බද්ධ ඉවත්වීමත් සමඟ ඒ මත ක්‍රියාත්මක වන නව අනුපාතය 15.5%කි.
ඒ අනුව ජනවාරි පලමුවැනිදා සිට අපේක්‍ෂා කල හැකි ඉන්ධන මිල ගණන් මේ ආසන්න වනු ඇති බවයි පැවසෙන්නේ.
Oct 92 පෙට‍්‍රල් – 380.00
Oct95 පෙට‍්‍රල් – 468.00
සුදු ඩීසල් – 361.00
සුපර් ඩීසල් – 477.00
ප‍්‍රකාශිත ප‍්‍රතිශතයන් මත වර්තමාන මිල ගැලපූ අගයන් පමණක් ඉහත දැක්වෙන අතර, මිල සංශෝධනය ගැන රජය නිල වශයෙන් නිවේදනය කර නැත.