ඉන්ධන මිල අඩු වෙයි..කෝටාවත් දෙගුණ කරයි..ඇමතිගෙන් දැනුම් දීමක්..

Fuel Price In Sri Lanka Kanchana Wijesekera National Fuel Pass
By Aruna May 28, 2023 07:55 AM GMT
Report

ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව එම සංශෝධනයද සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

කංචන විජේසේකර අමාත්‍යවරයා එම අදහස් පළකළේ, වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

"මීට මාස එකහමාරකට පෙර අපි අලුත් අවුරුදු සමයේ ඉන්ධන කෝටාවෙ වැඩි කළා.

එහෙම වැඩිකළාම විශාල පීඩනයක් තිබුණේ නැහැ අපේ විදේශ සංචිතවලට.

ජනාධිපතිවරයාත් අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා මේක තව වැඩිකරන්න පුළුවන්ද බලන්න කියලා.

ඒ හින්දා අපි ඊළඟ ඉන්ධන මිල සංශෝධනයෙන් පස්සේ ලබන ජූනි මාසය තුළ නැවත වතාවක් ඒ ඉන්ධන කෝටාව වැඩිකරන්න කටයුතු කරනවා.

දැනට යතුරුපැදියකට ලීටර් 7යි දිලා තියෙන්නේ...

ඒක 14ක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ත්‍රීරෝද රථයට තියෙන ලීටර් 7ත් 14ක් බවට පත්කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

එතකොට අනිත් ඒවාටත් ඒ හා සමානවම ඉන්ධන කෝටාව වැඩිකරනවා.

වැඩිවෙන ප්‍රමාණයන් ටික අපි නිවේදනය කරනවා මිල සංශෝධන වෙන අවස්ථාවේදීම."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now