වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමක් ගැන දැනුම්දීමක්..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Lanka IOC Fuel Price In World
By Aruna May 01, 2024 03:25 AM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සයිනොපෙක් ඉන්ධන මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 365ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420කි.

එසේම රුපියල් 27කින් ඔටෝ ඩීසල් මිල පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 333ක්.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 9කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 377ක් වනවා.

මේ අතර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පියවර ගෙන තිබුණා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368 ක් වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 420ක්.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 333ක් වේ.

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින්ද පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 377ක් වනවා.

භූමිතෙල් මිල ද රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215ක්.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව පහළ දමන බව ඊයේ නිවේදනය කළා.