එකවරම තෙල් මිල පහළ බසී.. ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් අඩු කිරීම ගැන ඇමති කියූ දේ..

Fuel Price In Sri Lanka Kanchana Wijesekera Crude Oil Prices Today Fuel Price In World
By Aruna Mar 09, 2024 03:10 AM GMT
Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගතවූ සතිය පුරා ඩොලර් 81 ට අඩු මට්ටමින් පැවතුණ බව අප දිගින් දිගටම වාර්තා කළා.

නමුත් ඊයේ දින වන විට එහි අගය සටහන් වුණේ ඩොලර් 78.69 ක් ලෙසයි.

මාර්තු පළවනදා සිට මේ දක්වා තෙල් මිල පැවතියේ ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයකයි.

ලෝක වෙළඳ පොළහි බොරතෙල් මිල අඩු වන තත්ත්වයක් තුළ අපේ රටේ ඉන්ධන මිල ඉදිරියේදී අඩු වේ යැයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටියි.

එවන් තත්ත්වයක් තුළ පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ, වැට් බදු පැනවීම නොතිබුණේ නම් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි වන මිලට වඩා රුපියල් 50 ක් 55ක් වැනි මුදලක් අඩුවෙන් අලෙවිකළ හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, "විදුලි ගාස්තුව අඩුකිරීම සඳුදා සිදුවුණා , ආපනශාලා ඇතුළු පාර්ශ්ව ඉරිදා මිල වැඩිකළා , ඔවුන් යම් උපක්‍රමයක් භාවිත කළා වැඩිකළ ප්‍රමාණය අඩු කරලා අඩුකළා කිව්වා.

ඒ අඩුකිරීම කිසිසේත් ප්‍රමාණවත් නැහැ මිල තීන්දු කරන්නේ පවතින තත්ත්වය අනුව ඉදිරි මැතිවරණය කුමක් වුවත් නියං තත්ත්වයක් ගල් අඟුරු මිල වැඩිවීමක් වුණොත් ඒ තත්ත්ව සැලකිල්ලට ගන්නවා"

"එක් කණ්ඩායමක් දිහා බලලා කරන දෙයක් නෙවෙයි මිල සූත්‍රයේ වියදම් නිරූපණය වෙන්න පමණයි කරන්නේ වැට් බද්ද එකතුවුණේ නැත්නම් ඉන්ධන ලීටරයකින් රු.50 - රු. 55ක් අඩු කරන්න පුළුවන්"

මේ අතර,විදුලි ගාස්තු අඩු කිරීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල අඩු කිරීමට අදාළ ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගියදා(07) ප්‍රකාශ කළේ.