ඉන්ධන මිල රුපියල් 55කින් යළි අඩු කරයි!!. තවත් භාණ්ඩ රැසක මිල සහ විදුලි බිලට කුමක් වෙයි ද?..

Fuel Price In Sri Lanka Ceylon Electricity Board Kanchana Wijesekera
By Aruna Mar 08, 2024 03:26 AM GMT
Report

ලබන වසරේදී (2025) විදුලි බිලෙහි යම් අඩු කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන නමුත්, ඉදිරියේදී නියං තත්ත්වය නිසා ජල විදුලි නිෂ්පාදනයේ අඩුවීමක්, ගල්අඟුරු, ඉන්ධන මිල වැඩිවීමක් සිදු වුවහොත් ඊළඟ මිල සංශෝධනයේදී ඒ සම්බන්ධව අවධානය යොමු කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

විදුලි ජනන වියදම අඩුකර ගැනීමට හැකි වුවහොත් තවදුරටත් එම සහනය ජනතාවට ලබාදෙන බවද ඔහු කියා සිටියේ ය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

විදුලි බිල රජය විසින් අඩු කර දින තුනක කාලයක් ඉක්ම ගියද එහි ප්‍රතිලාභය ජනතාවට ලැබෙනවාද යන්න සම්බන්ධව ගැටළු තත්ත්වයක් උද්ගතව ඇතැයිද, විදුලි බිල සංශෝධනය සමග ආපනශාලා සේම අනෙකුත් සේවාවන්වල මිල ගණන් අඩු විය යුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

ඉකුත් වසරේ (2023) ඔක්තෝබර් මාසයේදී සියයට 18 කින් විදුලි බිල වැඩි කිරීමට අදාළ පුවත නිකුත් කර විනාඩි කීපයක් ඇතුළත ආපනශාලා හිමියන් ඇතුළු සියලු දෙනා ආහාර ඇතුළු භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළ බව ද ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියා.

ජල විදුලිය නිසා විදුලි බිල අඩු කර ගැනීමට හැකි වූ බවට බොහෝ දෙනා සිතුවත්, එය එක් සාධකයක් පමණක් බවත්, නමුත් ප්‍රධානම කාරණය වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම බවත් ඔහු කීවේය.

මේ නිසා ඉන්ධන, ගල්අඟුරු ආනයන වියදම් අඩුවී ඇතැයි ද ඔහු පැවසුවේය.

ඉදිරි වසර හතරට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වී ඇත්තේ රජය මැදිහත් වී ලංකා විදුලිබල මණ්ඩලයට හෝ කිසිම ආයතනයකට නොදීමට බවද ඇමැතිවරයා කීවේය.

මේ අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, වැට් බදු පැනවීම නොතිබුණේ නම් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි වන මිලට වඩා රුපියල් 50 ක් 55ක් වැනි මුදලක් අඩුවෙන් අලෙවිකළ හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, "විදුලි ගාස්තුව අඩුකිරීම සඳුදා සිදුවුණා , ආපනශාලා ඇතුළු පාර්ශ්ව ඉරිදා මිල වැඩිකළා , ඔවුන් යම් උපක්‍රමයක් භාවිත කළා වැඩිකළ ප්‍රමාණය අඩු කරලා අඩුකළා කිව්වා ඒ අඩුකිරීම කිසිසේත් ප්‍රමාණවත් නැහැ.

මිල තීන්දු කරන්නේ පවතින තත්ත්වය අනුව ඉදිරි මැතිවරණය කුමක් වුවත් නියං තත්ත්වයක් ගල් අඟුරු මිල වැඩිවීමක් වුණොත් ඒ තත්ත්ව සැලකිල්ලට ගන්නවා" "එක් කණ්ඩායමක් දිහා බලලා කරන දෙයක් නෙවෙයි.

මිල සූත්‍රයේ වියදම් නිරූපණය වෙන්න පමණයි කරන්නේ වැට් බද්ද එකතුවුණේ නැත්නම් ඉන්ධන ලීටරයකින් රු.50 - රු. 55ක් අඩු කරන්න පුළුවන්"

මේ අතර,විදුලි ගාස්තු අඩු කිරීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල අඩු කිරීමට අදාළ ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ(07) දින ප්‍රකාශ කළා.