පෙට්‍රල් ලීටරයක් රුපියල් 250ට දෙන විදිය කියයි.. තෙල්මිල තවත් පහල යයි..

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 19, 2022 12:13 AM GMT
Report

ලෝක වෙළෙදපළේ තෙල් මිල තවත් පහළට.

මෙරට ජනතාවට පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙසිය පනහකට ලබාදීමේ හැකියාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වත්මන් ලෝක තෙල් මිල බැලීමේදී මෙරට පවතින ඉන්ධන මිල ගණන් වලට වඩා අඩු මිලට ලබාදිය හැකි බවයි.

ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල විශාල ලෙස පහත යමින් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා ඩොලර් 120 ට ගිය බැරලය දැන් 92 දක්වා පහළ බැස ඇති බවද සඳහන් කළේය.

තෙල් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now