රන් මිල සහ තෙල් මිල එකවරම පහළ යයි..ඉන්ධන සම්බන්ධයෙන් ලංකාවට සුභ ආරංචියක්..
යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔස්ට්‍රේලියා සමාගම මෙරට වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සමඟ
ගිවිසුම්ගත වී තිබෙන බව වාර්තා වනවා.
එම සමාගමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ පිරවුම්හල් 150ක් මෙම ගිවිසුම හරහා පවරා ඇති අතර, ඊට අමතරව නව පිරවුම්හල් 50ක් ඉදි කිරීමටත් අවසර හිමිව ඇති බවයි පැවසෙන්නේ.
එම සමාගම ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්’ ලෙස මෙරට ලියාපදිංචි කර ඇති අතර ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් නුදුරේදීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ඉන්ධන වෙළඳාම සම්බන්ධයෙන් එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම පසුගිය 22 වැනිදා අත්සන් තබා ඇත.
මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඊයේ දිනයේත් අඩුවී ඇති බවයි.
වැඩිවී ඇති උද්ධමනය හේතුවෙන් අමෙරිකානු පොලී අනුපාත කප්පාදුව පමාවීමේ පසුබිම මත ඩොලරය ශක්තිමත් වීම ඊට බලපා ඇති බව සඳහන් ය.
මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 27 දක්වා පහත බැස ඇති අතර අමෙරිකානු WTI බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 76යි ශත 14ක් ලෙසට ය.
අනිකුත් විනිමය වලින් ගනුදෙනු කරන්නන්ට තෙල් වඩාත් මිල අධික වෙළෙඳ භාණ්ඩයක් බවට, ඩොලරය ශක්තිමත් වීම තුළින් පත්වෙයි.
මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලද අමෙරිකානු ඩොලරය ශක්තිමත් විමත් සමග පහළ වැටීමක් පෙන්නුම් කරන අතර රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 2030යි ශත 90ක් ලෙසයි.