අඩුවෙන් තෙල් ගැහුවොත් වෙන දේ මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka
By Aruna Sep 30, 2022 01:09 AM GMT
Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් නිකුත් කරන පොම්ප දෙකක් ඊයේ මුද්‍රා තැබුණා.

ඒ, එම පොම්ප දෙකෙන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් සියයට 1යි දශම 2ක් අඩුවෙන් නිකුත්කළ බවට තහවුරු වීම හේතුවෙන්.

එය තහවුරු වී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම, කාර්මික තාක්ෂණ ආයතනය සහ කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිදුකළ පරීක්ෂාවකදීයි.

ඒ අනුව සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 5යි ශත 40ක් පාරිභෝගිකයාට පාඩුවී ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now