තෙල් සම්බන්ධයෙන් සිපෙට්කෝ කියන කතාව..
Sri Lanka Fuel Crisis
By krishani
ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුලු සියලු ඉන්ධන තොග කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව සිපෙට්කෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති අතර එය අඛණ්ඩව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඔවුන් කියා සිටින අතර ඒ අනුව ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදනය කෙරෙනු ඇත.
කෙසේවෙතත් ආනයනික ඉන්ධන කොළොන්නාව හා මුතුරාජවෙල යන ඉන්ධන පර්‍යන්තයන්හි පවතින බව සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි.