ඉදිරි දින 02ක තුළ රට පුරා ඉන්ධන සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 28, 2022 02:52 AM GMT
Report

දින දෙකෙක් ඇතුලත තෙල් පෝලිම් අඩු කරනවා.

ඉන්ධන පිරවුම්හල් අසල යලිත් පෝලිම් නිර්මාණය වී ඇත්තේ බෙදා හැරීමේ අඩුපාඩුල ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම මත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් ඉදිරි දින 2 තුළ එම පෝලිම් අඩු කිරීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළා.

ඒ අනුව දිවයින පුරා සියලුම ඉන්ධන අතිරේක තොග බෙදා හැරීමට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර QR ක්‍රමයට බෙදා දීමට හෝ ඉන්ධන නොමැති වීම නිසා පාරිභෝගිකයින් මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමියන් ද දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇතැයි ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් දසනායක ප්‍රකාශ කළා.

ඉන්ධන කළමනාකරණය සඳහා රජය දැඩි උත්සාහයක නිරත වුවත් සියල්ල තීරණය වන්නේ රටේ ආර්ථික තත්ත්වය මත බැවින් යහපත් අවසානයක් බලාපොරොත්තුවෙන් සිටින බව ද උප සභාපතිවරයා කියයි.

මේ වනවිට ඉන්ධන පිරවුම්හල් සේවකයින්ගේ පඩි ගෙවා ගත නොහැකිව, ණය බැඳුම්කර වාරික ගෙවා ගත නොහැකිව ඉන්ධන පිරවුම්හල් හිමියන් අර්බුදයක සිටින බව ඔහු පවසයි.

“අද වනවිට විශාල පොලිම් ප්‍රමාණයක් මතුවෙමින් තිබෙනවා.

කිව් ආර් ක්‍රමයටවත් දෙන්න තෙල් නෑ. නමුත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන යම් ප්‍රමාණයක් එලියට ඒන්න පටන් ගත්තට පස්සේ පෙට්‍රල් ප්‍රශ්නය යම්තාක් දුරට අඩුවේවි.

දැනට අප දන්නවා පෙට්‍රල්වල යම් කිසි අඩුවක් තියනවා. නමුත් කොළඹ අවට සෑහෙන පිරවුම්හල් ප්‍රමාණයකට දැන් පෙට්‍රල් නිකුත් කරලා තියනවා.

ඒ් වගේම ඩීසල් නිකුත් කරනවා. කොහොමටත් මේ ප්‍රශ්නය සාමාන්‍යකරණය වෙන්න තව දින කීපයක් යාවි.

නමුත් මේ ප්‍රශ්නය නැවත මතුවෙන ඒකක් නෑ කියලා අපට කොයිවෙලාවකවත් කියන්න බෑ.

මේ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න රජය හැකි උපරිම උත්සාහය දරනවා.

තියන බැරෑරුම් තත්ත්වය තමය පෙට්‍රල් ෂෙඩ් හිමියන් මුහුණ දීලා තියන ප්‍රශ්නය.

ඔනෑම ෂෙඩ් ඒකක ඉන්නවා සේවකයින් 15ක් 16ක්. මේ අයගෙ පඩි නඩි ගෙවීම.

ඔවුන් වෙලා තියන ණයකර ගෙවීම. බොහෝ ගෙවීම්වල මාස තුනක ඉඳලා වාරික ගෙවාගන්න බැරි වෙලා තියනවා.

පෙට්‍රල් ෂෙඩ් හිමියෝ වගේම පාරිභෝගිකයින්ට QR ක්‍රමයට ලැබෙන ඉන්ධන සොච්චම ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.

වගකිවයුතු පාර්ශව උත්සාහ කරනවා තෙල් ලබා දෙන්න.

නමුත් සියල්ල තීරණය වෙන්නෙ රටේ ආර්ථික ස්ථාවරය මත. “

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now