මෙරට ඉන්ධන භාවිතය ගැන හෙළිවු දේ..
Sri Lanka
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By Sewvandhi
QR කේතය හඳුන්වා දීමෙන් පසු ඉන්ධන පාරිභෝජනය සියයට 40කින් අඩු වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 5500ක් මීට පෙර පාරිභෝජනය සඳහා ඉල්ලුම් කෙරුණ ද මේ වන විට එය මෙට්‍රික් ටොන් 4000 දක්වා අඩු වී ඇති බවයි එම සංස්ථාව සඳහන් කළේ.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3750ක් සඳහා පැවති ඉල්ලුම ද කිව්ආර් කේතය හඳුන්වා දීමෙන් පසු මෙට්‍රික් ටොන් 3000 දක්වා පහත බැස තිබෙනවා.
භූමිතෙල් පාරිභෝජනය සඳහා දිනකට මෙට්‍රික් ටොන් 800ක ඉල්ලුමක් පැවති අතර, මේ වන විට ඒ සඳහා ඉල්ලුම පවතින්නේ මෙට්‍රික් ටොන් 300 ක් සඳහා පමණක් බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |