සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග බෙදාහැරීමට සැරසේ - ඇමති කාන්චනගෙන් පණිවිඩයක්

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sithumi Aug 27, 2022 11:13 AM GMT
Report

සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග ඉදිරි දින 03 තුළ බෙදාහැරීමට කටයුතු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන බෙදාහැරීම සමාලෝචනය කිරීමෙන් අනතුරුව දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සිදුකරන ලෙසය.

ගොඩබෑමේ ප්‍රමාදයන්, බෙදාහැරීමේ අඩුපාඩු, ඉන්ධන පිරවුම්හල් මගින් ඇනවුම් සඳහා ගෙවීම් ප්‍රමාදවීම දිගු පෝලීම් නිර්මාණයවීමට හේතුවී ඇති බවද කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි. ඒ අනුව ඉදිරි දින දෙක තුළ ක්‍රමානුකුලව පවතින ඉන්ධන පෝලීම් අඩුවනු ඇති බවද අමාත්‍යවරයා පවසයි.

මේ අතර සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් මේ වනවිට ගොඩබා ඇති අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබෑමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඊට අමතරව අද රාත්‍රියේ තවත් මෙට්‍රික් ටොන් 37,000ක පෙට්‍රල් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිත බවද වාර්තා විය.


        සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW