ඉන්ධන ගැටලුව තවත් උග්‍ර වෙයි - පිරවුම්හල් රැසක් තාවකාලිකව වසාදමයි

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sithumi Aug 26, 2022 11:02 AM GMT
Report

ඉන්ධන තොග නොලැබීම නිසා කොළඹ සහ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් තාවකාලිකව වසා දමා තිබේ. ඒ අනුව දින 2ක පමණ සිට නැවත වරක් ඉන්ධන පිරවුම්හල් අසල රථවාහන පෝලිම් නිර්මාණය වී ඇත. මේ අතර මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහාත් ඩීසල් නොමැතිවීමෙන් එම බස් රථ ලංගම ඩිපෝ අසල නවතා ඇති ආකාරයත් දක්නට ලැබුණි.

 මේ වාතාවරණය යටතේ බස්රථ ධාවනය සීමා වීමෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මගීන් සහ පාසල් සිසුන් අපහසුතාවයට පත්වුණි. කෙසේවෙතත් තවත් ඩීසල් නෞකාවක් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ ඇති අතර එහි ගොඩබෑමේ කටයුතු අද සිදුකිරීමට නියමිත බවට වාර්තා විය.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඊට අමතරව දිවයිනට පැමිණි සුපර් ඩීසල් නෞකාවේ ඩීසල් තොග ගොඩබෑමේ කටයුතුද සිදුකෙරෙමින් පවතින බවය. මේ අතර ඉන්ධන පෝලිම් අවම කිරීමේ අරමුණෙන් හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය, පවතින ඉන්ධන අර්බුදයට නිශ්චිත විසදුමක් නොවන බවද විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ රාත්‍රියේ විකාශය වූ ''රී බිල්ඩ් ශ්‍රි ලංකා'' වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේය


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now