ව්‍යාපාරික ආයතනවල ඉන්ධන ගබඩා ගැන ගත් නවතම තීරණය..!
Sri Lanka
Minister of Energy and Power
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඉන්ධන ගබඩා කරගැනීම සඳහා ව්‍යාපාරික ආයතන 2100ක් පමණ ඉන්ධන ගබඩා ටැංකි ස්ථාපනය කරගෙන ඇති බව හෙළිවී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉන් බොහෝ ආයතන ඒ සඳහා අවසර ලබාගෙන නොමැති බව ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී නිසි අවසරය නොමැති ආයතන සඳහා මෙන්ම ලබාදී ඇති උපදේශයන් අනුගමනය නොකරන ආයතන සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් නොකරන බව ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
