ඉන්ධන පෝලිම් වල සිටින ජනතාවට හෙට සිට කරන්න යන දේ - අගමැති හා ජනපති සාකච්ඡාවේදී ගත් විශේෂ තීරණය - බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

By Sewvandhi Jun 26, 2022 08:04 AM GMT
Report

හෙට (27) සිට පිරවුම්හල්වල පෝලීමේ සිටින ජනතාවට අංකයක් ලබාදී ඒ අනුව ඉන්ධන ලබාදීමට පියවර ගැනීමට සැලසුම් කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පවත්වන ලබන විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

ඊයේ (25) දිනයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් ආරක්ෂක මණ්ඩලය රැස්කර ඇති අතර, එහිදී එම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

"ඊයේ රාත්‍රීයේ ආරක්ෂක මණ්ඩලය මුණගැහිලා තිබුණා. ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් පරිදි. ඒ අනුව ඔවුන් තීරණය කරලා තියෙනවා හෙට දවසේ ඉඳලා, හැම පිරවුම්හලකම පෝලිමේ යම් පුද්ගලයෙක් ඉන්නවා නම්, හැමකෙනාට ම ඒ ඉන්න පිළිවෙල අනුව ටෝකන් එකක් ලබාදෙන්න හෙට ඉඳලා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව හා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශය පිරවුම්හල්වලට යොදවන්න බලාපොරොත්තු වෙනවා.

ඒ ටෝකන් එක අනුව ඔවුන්ගේ දුරකථන අංකය ලබාගෙන තමා ඒ ටෝකන් එක දෙන්නේ. වෙනස් කරන්න බැරි විදියේ. ඒ ෂෙඩ් එකට ආවේණික විදියට. ඒක තමා මාණ්ඩලික ප්‍රධානීතුමා මට උදේ කතා කරලා කිව්වේ, ආරක්ෂක ලේකම්වරයා සමග වැඩපිළිවෙල ගැන කතා කරගන්න කියලා. ඒ අනුව හෙට අනිද්දා වෙද්දි හැම පිරවුම්හලටම දෙන්න බැරිවෙනවා ඊළඟ නෞකාව අපිට ලැබෙන කල්.

ඒ ලැබෙන තුරු පෝලිම්වල ඉන්න ජනතාවට ඉන්ධන බවුසරයක් ලැබුණාම පළමුවෙන් ඉන්න අයට කතා කරලා දැනුවත් කරන්න තමා බලාපොරොත්තුව. ඉදිරි දින කිහිපයේ මේ කටයුත්ත කළමනාකරණය වෙනකල්. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, කණගාටුවෙන් මේක කියන්නේ, ඉතාම බැගෑපත්ව මේක කරන්නේ.

මම දන්නවා තියෙන වේදනාව. මම දන්නවා තියෙන පීඩනය සහ වෛරය. මට හෝ රජයට හෝ අමාත්‍යාංශයට වෙන්න පුළුවන්, ජනාධිපතිවරයා ට හෝ අගමැතිවරයාට නමුත් ඉල්ලා සිටිනවා පෙළ ගැසෙන්න එපා ඉදිරි දින කිහිපයේ ඉන්ධන පිරවුම්හල් අසල. ටෝකන් එක ලබාගෙන ඔබට නිවෙස්වලට යන්න පුළුවන්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now