හෙට සහ අනිද්දා ඩීසල් ගන්න පෝලිම්වල රැඳෙන්න එපා - ඛනිජ තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka diesel Fuel crisis Cypetco
By Sewvandhi Mar 29, 2022 05:41 PM GMT
Report

අද (29) සවස ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඒ හේතුවෙන් හෙට (30) සහ අනිද්දා (31) දෙදින තුළ ඩීසල් ලබාගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නමුත්, අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදුකෙරෙන බවද දැනුම්දෙයි. එමෙන්ම පෙට්‍රල් පිළිබඳව කිසිඳු ගැටලුවක් නොමැති අතර මහජනතාවට සාමාන්‍ය පරිදි පෙට්‍රල් ලබාගත හැකි බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now