ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ දින 04කට පමණයි – බලශක්ති ඇමති
ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ඉන්ධන තොග දින 04කට පමණක් ප්‍රමාණවත් බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
මේ අතර විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම හා ජලාශවල ජල මට්ටම පහළ යාමත් සමඟ විදුලි කප්පාදුව ඉදිරි දින කිහිපයේ ද පැවතිය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
අද (29) දිනයේත් පැය 07කට වැඩි කාලයක් කලාප 20ක් යටතේ විදුලි කප්පාදුවක් සිදුකරණු ලබනවා
මේ අතර,ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන් ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
මේ වනවිට දිවයිනටම බලපා ඇති දැඩි වියලි කාලගුණික තත්වයන් මත විදුලිබලය උත්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීග්‍රයෙන් පහත බසිමින් පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසයි විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |