මාර්ගයෙන් ඉවතට පැන ඉන්ධන බවුසරයක් පුද්ගලයින් 5 දෙනෙකු නිදා සිටි, නිවසක වහලයක් මතට කඩා වැටේ..(PHOTOS)

Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi May 06, 2023 09:38 AM GMT
Report

අද (06) අලුයම 2.30 ට පමණ කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් රැගත් තෙල් බවුසරයක් හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය පවසනවා.

ප්‍රදේශවාසීන් විසින් බවුසරය පෙරළීමෙන් පසු ඉන් වෑහුණු තෙල් එකතු කර ගන්නා අයුරු දක්නට ලැබුණු බව වාර්තාකරු සඳහන් කළා.

බවුසරය පෙරළී ඇත්තේ පස් දෙනකු නිදාගෙන සිටි නිවසක් මතට වන අතර ඔවුන් නිදා සිටි කාමරය බේරී ඇත්තේ අනූ නවයෙන් බව ප්‍රදේශවාසිහු පවසති.

ධාවනය වෙමින් තිබූ බවුසර් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බව පොලීසිය කියයි. 

මේ අතර, ඊයේ(5) කජුගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 23දෙනෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කජුගම ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGalleryGalleryGallery