ඉන්ධන සම්බන්ධයෙන් රටටම සතුටුදායක ආරංචියක්..රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Fuel Price In World National Fuel Pass China Ship In Sri Lanka
By Aruna Jun 05, 2023 03:02 AM GMT
Report

චීනයේ Sinopec සමාගම මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ වහාම වර්තමානයේ පවතින ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ, කිසිදු අයුරකින් ඉන්ධන හිඟයක් සිදුනොවන බවයි.

මේ අතර පසුගියදා නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමනු ලැබුවා.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 318ක් වේ. මේ අතර ලංකා භූමිතෙල් මිල ද රුපියල් 50කින් පහළ දමා තිබෙනවා.එහි නව මිල රුපියල් 245ක් වේ.

එසේම ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 60කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 270කි.

මේ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමූ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 385ක් ය.

එසේම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 340ක්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now