සිකුරාදා දින රජයේ කාර්යාල නිවාඩු දිනයක් කිරීම සම්බන්ධයෙන් අද රාත්‍රියේ සිදු කිරිමට යන විශේෂ වැඩපිළිවෙළ..

Sri Lanka Government Of Sri Lanka
By krishani Jun 15, 2022 03:00 AM GMT
Report

මේ සතියේ සිට සෑම සිකුරාදා දිනයක්ම අත්‍යවශ්‍ය සේවා හැර රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ චක්‍රලේඛය අද(15) රාත්‍රියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය පවසයි.

එහි සිකුරාදා දිනය රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණු අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා  කියා සිටියේ ඊට අදාළව අද අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join