අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට නොමිලේ හිමිවන විශේෂ දේ..
Sri Lanka
By krishani
අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට ඉදිරි මහ කන්නය සඳහා යූරියා පොහොර මලු 365,000ක් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබේ.
ඒ අනුව ගොවිපවුල් 365,000කට යූරියා මිටියක් බැගින් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
තවද ලබන මහ කන්නය තුල කාන්තාවන් මූලික, අඩු ආදායම්ලාභී පවුල් 14,000කට මුං වගාව සඳහා රුපියල් 18,000ක ආධාර මුදලක් ලබාදීමට ද ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |