කාන්තාවන් වැඩි වශයෙන් හසුවන වංචාව මෙන්න..

Sri Lanka Police Sri Lanka Police Investigation
By Sewvandhi Dec 30, 2023 10:39 AM GMT
Report

පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය පැවසුවේ, අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 150 ඉක්මවූ සංඛ්‍යාවක් මේ වසරේ ගතවූ කාලය තුළ ලැබී ඇති බවයි.

අනන්‍යතාව හෙළි නොකරන විවිධ පුද්ගලයින් විසින් සිදුකරන වංචනික ක්‍රියාවන්ට හසුවී සිය මුදල් හා දේපොළ අහිමි කරගත් සිදුවීම් රැසක් ඒ අතර වන බවයි, ඇය පෙන්වා දෙන්නේ.

කාන්තාවන් වැඩි වශයෙන් හසුවන වංචාව මෙන්න.. | Fraud That Affects Women More

විශේෂයෙන් කාන්තාවන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මෙවැනි වංචාවල ගොදුරු බවට පත්වී ඇති බවද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.