උණුසුම නිසා 4ක් මරුට.

Jaffna Death Weather
By Gagana May 09, 2024 12:20 PM GMT
Report

මේ දිනවල පවතින අධික රස්නය හේතු කොටගෙන ඇති වූ සංකූලතා නිසා යාපනය ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගිය සිව්දෙනා වැඩිහිටියන් වන අතර ඔවුන් සියල්ල නිධන්ගත රෝග වලින්ද පෙළුණු බවත් පවතින අධික රස්නයෙන් ඇති වූ විවිධ සංකූලතා හේතුවෙන් මෙලෙස මරණයට පත් වූ බවත් වාර්තා වෙනවා.

පසුගිය දින කිහිපය පුරාවට යාපනය දිස්ත්‍රික්කය තුළ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වාද ඇතැම් ප්‍රදේශවල එය සෙල්සියස් අංශක 40 දක්වාද ඉහළ ගොස් තිබුණි.

මෙලෙස මියගිය සිව්දෙනා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නාන්දරාජ සදහන් කළ අතර තවත් වැඩිහිටි පුද්ගලයෙකු දැඩිසත්කාර ඒකකය ප්‍රතිකාර ලබමින් සිටි.