කඩයට ගිය සහෝදරියන්ගේ මළ සිරුරු වතුර වලක තිබී හමු වේ..
                                    
                    Police spokesman
                
                                                
                    Sri Lanka Police
                
                                                
                    Jaffna
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    යාපනය,කයිට්ස්,සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක වැටී මියගිය ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බවට කයිට්ස් පොලිසිය වාර්තා කර තිබේ.
එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ කයිට්ස් , සින්නමඩුව ප්‍රදේශයේ පදිංචි නිරංජන් විදූෂා නැමති වයස අවුරුදු 11 සහ නිරංජන් අනුෂ්කා නමැති වයස අවුරුදු 5 වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි.
පොලිසියට ලැබුණ තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී දැරියන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව පොලිසිය සඳහන් කර ඇත.
දරුවන් දෙදෙනා පාපැදියක නැඟී අසළ කඩයකට ගොස් ඇති අතර, දරුවන් කඩයට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දරුවන් දෙදෙනාගේ මළ සිරුරු වතුර වළේ තිබි සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.