ඇමෙරිකාවේ හිටපු ජනපති නිව්යෝර්ක් අධිකරණයට.

Donald Trump United States of America
By Wayomi Apr 15, 2024 08:27 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

හිටපු අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ නඩුවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් අධිකරණය වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ර තිබෙනවා.

2016 මැතිවරණයට ටික කලකට පෙර හිටපු වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත කරන ලද මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ඔහුගේ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් මෙලෙස ට්‍රුම්ප් මහතාට චෝදනා එල්ලවී ඇත.

අපරාධ නඩුවක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින පළමු එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වීම මෙහි සුවිශේෂතා ම කරුණයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 77 හැවිරිදි ට්‍රම්ප් වරදකරු වුවහොත් උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවන අතර , නැතහොත් සිරගත වීම වළක්වා ගැනීමට ඒ වෙනුවෙන් දඩයක් නියම කළ හැකි බව ය.