රට රැකියා යන්න ඉන්න අයට විශේෂ පණිවුඩයක්..මේ ගැන අනිවාර්යයෙන් දැනුවත් වන්න..

CID - Sri Lanka Police Sri Lanka Police Foreign Employment Bureau Ministry of Foreign Affairs - sri lanka
By Aruna Apr 23, 2024 07:15 AM GMT
Report

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ වෙනත් යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි සඳලංකාව ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකරු පන්නල ප්‍රදේශයේ මෙම ව්‍යාජ විදේශ රැකියා ආයතනය පවත්වාගෙන යනු ලබන අතර කාන්තාවකගෙන් සහ පිරිමි පුද්ගලයෙකුගෙන් කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා ගැනීමට බඩල්ගම නගරයට පැමිණි අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී ඔහුගේ නිවසේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක් පමණ සොයාගෙන ඇති බව ද සඳහන් වේ.