පාසල් සිසුන් වෙනුවෙන් දින 170ක් සඳහා ගත් තීරණය - කැබිනට් අනුමැතිය ද ලැබෙයි..

Parliament of Sri Lanka Sri Lanka Cabinet Sri Lankan Schools Latest Headlines Decision Making
By krishani Mar 05, 2024 10:04 AM GMT
Report

දින 170ක් සඳහා රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන්ට ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

පාසල් සිසුන් වෙනුවෙන් දින 170ක් සඳහා ගත් තීරණය - කැබිනට් අනුමැතිය ද ලැබෙයි.. | Food For Students In Primary Section Of Schools

එමෙන්ම, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මේ වන විට එක් සිසුවෙක් සඳහා දිනක ආහාර වේලක් සදහා ලබා දෙන රුපියල් 85ක මුදල රුපියල් 110 දක්වා ඉහළ නැංවීමට ද අනුමැතිය හිමි වූ බවයි.

කෙසේ වෙතත්, පාසල් ආහාර වැඩසටහන වෙනුවෙන් සේව් ද චිල්ඩ්රන් සංවිධානය මගින් මේ වසර සඳහා තෝරාගත් පාසල් 917ක සිසුන් ලක්ෂ දෙකකට ආහාර ද්‍රව්‍ය 08ක් ලබාදීමට ද එකඟතාව පළ කර ඇති බව සඳහන් ය.