කාර්යාලයේ අමුතු චරිත එක්ක පහසුවෙන් වැඩ කරන්නේ කොහොමද?
නම්‍යශීලීත්වය කියන්නේ වෙනස් වෙන්න ඕන තැන්වලට ගැලපෙන ආකාරයට වෙනස් වීමේ හා අනුගත වීමේ හැකියාව. ඒක අපේ අපේ ජීවිත වලට අවශ්‍ය පුද්ගලික කුසලතාවයක්. ඔබ කාර්යාලයක හෝ තවත් සමඟ වැඩ කරද්දී, රැකියා කරද්දී ඔබට නිතරම නම්‍යශීලී වෙන්න වෙනවා. ඔබ විවිධ පසුබිම් තලවල පුද්ගලයන් සමඟ කටයුතු කරද්දී දැකලා ඇති, ඒ අයගේ අදහස් එකිනෙකාට වෙනස්. සමහරු හිතන පතන ආකාරය ගොඩක් වෙනස්. එවැනි අවස්ථා වලදී හැඟීම්බර නොවී සමබරව දේවල් දකිමින් හා තාර්කිකව කටයුතු කරන්න වෙනවා.
නම්‍යශීලී බවේ මුලිකාංග
👉 කිසිවිටක ඔබ, ඔබේ මතයේම, අදහස්වලම ඉන්න එපා. විවෘත මනසින් දේවල් දකින්න පුරුදු වෙන්න.
👉 ඔබට මුහුණ දීමට සිදුවන තත්වයන්ට අනුව හැඩගැසීමේ හැකියාව, අභියෝග ජයගැනීම සඳහා අවශ්‍යම දෙයක්.
👉 ඔබට යම් ගැටලුවක් ඇත්නම්, එය විසඳාගන්න. අදාල අය සමඟ ඒ ගැන හොඳින් කතාබහ කරලා, විසඳාගැනීම තමයි වඩාත්ම සුදුසු.
👉 පීඩනයක් යටතේ වැඩ කරන්න හා එය දරාගන්න පුරුදු වෙන්න. එවිට ඔබේ ඉලක්ක හොඳින්, ඒවා ඉටුකරගන්න හැකියාව ලැබෙනවා.
👉 අන් අය සමඟ කතාබහ කිරීම හා ඔවුන්ගේ අදහස් වලට ද සවන් දීම මඟින්, ඔබට වඩාත් හොඳ සාමූහික විසඳුම් සොයාගන්න පුළුවන්.
👉 වඩාත්ම වැදගත් දෙය නම්, නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න.
👉 විශ්වාසයෙන් හා ධනාත්මකව සිටින්න.
👉වැඩ අන් අය සමඟ බෙදා හදාගන්න. නිසි පරිදි අන් අයට පවරන්න. අන්තිම මොහොත වෙනකම් ඔක්කොම බදාගෙන ඉන්න එපා.
👉 කාලය නාස්තිය අවම කිරීමට සහ ඵලදායිතාව වැඩි කිරීමට උපකාරී වන ක්‍රමවේද භාවිතා කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |