05ක් රෝහලට ගිය අනියම් සම්බන්ධය..

Sri Lanka Police Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Latest Headlines
By krishani Feb 20, 2024 04:27 PM GMT
Report

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලන් පස්දෙනෙක් තුවාල ලබා ඇති පුවතක් රාමනාදපුරම්, කල්මඩුනගර් ප්‍රදේශයෙන් වාර්තා වේ.

05ක් රෝහලට ගිය අනියම් සම්බන්ධය.. | Five People In Jaffna To The Hospital

ඒ ඊයේ (19) රාත්‍රියේ දී ය.

පොලීසිය සඳහන් කළේ මෙලෙස තුවාල ලැබුවන් අතර කාන්තාවන් තිදෙනෙක් ද වන බවයි.

ඔවුන් 28,30,50 යන වයස්වල පසුවන අය වන අතර, තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් දෙදෙනා 28 සහ 30 යන වයස්වල පසුවන්නන් වේ.

එම ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් මොවුන්ට පහර දී තුවාල සිදුකර තිබෙනවා.

05ක් රෝහලට ගිය අනියම් සම්බන්ධය.. | Five People In Jaffna To The Hospital

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත්කර ඇත.

කෙසේ වෙතත්, මෙම පහරදීමට සම්බන්ධ කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් 24, 33 සහ 59 යන වයස්වල පසුවන්නන් වේ.