වතු නිවාස පෙළක හටගත් දරුණු ගින්න.නිවාස 24ක් විනශයි..
Nuwara Eliya
Fire
By Sithumini
පූඩළුඔය සීන් වතුයයඒ නිවාස පෙළක ඊයේ රත්‍රියේ ගින්නක් හඩගෙන තිබුණා.
ගින්නෙන් වතු නිවාස 24ක් ගිනිගෙන විනාශවී ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම ගින්න ඊයේ (16) රාත්‍රි 8.00 පමණ එක් නිවසික් හටගෙන ඇති අතර, පසුව සෙසු නිවාසවලට වේගයෙන් පැතිරී ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් පැතිරී ගිය ගින්න වතු කම්කරුවන් සහ පූඩළුඔය පොලීසියේ නිලධාරින් එක්වී දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කර තිබුණා.
ගින්නෙන් කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති අතර, ගිනිගත් වතු නිවාසවල පවුල් 24කට අයත් සාමාජිකයන් 70කට ආසන්න පිරිසක් එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක මේ වනවිට රඳවා සිටටින බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නෑහැ.
.