ගම්මන්පිලට එරෙහිව ජාතික භික්ෂූ පෙරමුණෙන් CIDයට පැමිණිල්ලක්

CID - Sri Lanka Police Udaya Gammanpila Latest Headlines Sinhala news SriLanka - Puwath
By R.rishma Jun 14, 2025 01:03 PM GMT
Report

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ජාතික භික්ෂූ පෙරමුණ විසින් ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික භික්ෂු පෙරමුණේ දිස්ත්‍රික් නියෝජිත ස්වාමීන් වහන්සේලා සමග එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමීන් වහන්සේ විසින් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල භාරදී තිබුණා.