හදිසි ගින්නකට කාන්තාවක් කොටුවී මරුට..සිදුවූ අවාසනාවන්ත ඉරණම.

Sri Lanka Accident
By Aruna May 08, 2023 01:40 AM GMT
Report

කලවංචිකුඩි, වෙම්බු පාර, මාන්කාඩු ප්‍රදේශයේ දී ඊයේ(07) ගින්නකට හසු වී කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වනවා.

පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, මෙම මියගිය කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇවිදීමට නොහැකිව නිවසේ ඇඳක් මත සිට ඇති බවත්, නිවසේ දල්වන දුම් තැටියක් ඇඳ ආසන්නයේ තබාගෙන නින්දට ගොස් සිටිය අතරතුර දී මෙම අනතුර සිදු වී ඇති බවයි.

මියගිය තැනැත්තිය වයස අවුරුදු 74ක් වන එම ප්‍රදේශයේ ම පදිංචිකාරියක් වන බවත්, මෘත දේහය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙන බවත් පොලිසිය තහවුරු කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කලවංචිකුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. එමෙන්ම ඊයේ(07) දින සවස් කාලයේ දංඕවිට, හොරගස්මංකඩ හන්දිය ආසන්නයේ පිහිටා ඇති පුද්ගලික රබර් කම්හලක ගොඩනැඟිල්ලේ කොටසකද ගින්නක් හටගෙන තිබුණා.

මෙම ගින්න හේතුවෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති බවත් දේපල හානි පමණක් සිදුව ඇති බවත් පොලිසිය පවසනවා.

ගම්පහ ගිනි නිවීමේ ඒකකය සහ දංඕවිට පොලිසියේ නිලධාරීන් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now