සපත්තු වවුචරය විකුණා පියෙක් කසිප්පු බීලා.

Education
By Gagana Feb 21, 2024 09:15 AM GMT
Report

සපත්තු වවුචරයක් කඩේට ලබාදී තිස්සමහාරාම ප්‍රදේශයේ පියෙකු කසිප්පු පානය කර තිබෙනවා.

එසේම තවත් දරුවන් කිහිපදෙනෙකුගේ සපත්තු වවුචරය විකුණා දෙමව්පියන් විසින් අල, පරිප්පු රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන් කිහිපදෙනෙක් සපත්තු වවුචරය ලබාදී තිබියදීත් සපත්තු නොදා පාසලට පැමිණීම හේතුවෙන් ගුරුවරුන් විසින් ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළි වූ බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳව වාර්තා වන්නේ තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලකින්.

අදාළ පාසලේ විදුහල්පතිවරයා පැවසුවේ මේ වනවිට දරුවන්ගේ දෙමාපියන් වැඩි වශයෙන් මතට ඇබ්බැහැ වී ඇති අතර පාසල අවට මෙන්ම ප්‍රදේශය පුරා මත්පැන්හල් දිනෙන් දින වැඩි වී ඇති බවයි.