දුවයි පුතයි ඝාතනය කළ පියා ගෙල කපාගනී

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder
By Sewvandhi Mar 14, 2024 08:57 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයෙන් සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ පියෙකු සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් වාර්තාවෙයි.

මෙලෙස ගෙල කපා ඝාතනය කර ඇති ඔහුගේ පුතුගේ වයස අවුරුදු 29ක් වන අතර දියණියගේ වයස අවුරුදු 15කි.

දරුවන් දෙදෙනා ඝාතනය කළ පියා ද ගෙල කපාගෙන සියදිවි හානිකරගනීමට උත්සාහ කර ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු 63 හැවිරිදි වියේ පසුවන බවයි, පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති ඔහුගේ දරුවන් දෙදෙනා කථන අපහසුතාවයෙන් පෙළෙන බවටද තොරතුරු වාර්තා වෙයි.