පවුල් ආරවුල විසදගන්න පොලීසියට ඇවිත් කොස්තාපල්වරයෙකුට සිදු කළ වැඩේ..!
බිරිඳ සමග ඇතිවූ ආරවුල විසඳීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් අනතුරුව පොලිසියට පැමිණි සැමියා පොලිස් කොස්තාපල්වරයකුට බැණවැදී නිල ඇඳුමෙන් අල්ලා හිසට පහරදීමේ සිද්ධියක් පිළිබඳව දොඹගහවෙල පොලිසියෙන් වාර්තා වෙනවා.
දොඹගහවෙල මහරාව හංදිය අසල පදිංචි කාන්තාවක ඇයට පුරුෂයාගෙන් හිරිහැර වන බවට දොඹගහවෙල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එය විසඳීම සඳහා බිරිඳට සහ පුරුෂයාට පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා
. ඒ සඳහා ප‍්‍රථමයෙන් බිරිඳ පොලිසියට පැමිණ ඇති අතර නමුත් පුරුෂයා නොපැමිණීම නිසා පසුව පොලිසිය මගින් පුරුෂයා පොලිසියට ගෙන්වාගෙන ඇත. පසුව එම ආරවුල පොලිසිදී තවත් දුරදිග ගොස් ඇති අතර ඔහු බිරිඳට බැණ වැදී පහරදීමට උත්සාහ කර තිබෙනවා.
එම ගැටුම බේරීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට ද ඔහු පහර දී ඇත. සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ. දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ඞී.පී. කුමාරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |