මුහුණු ආවරණ ගැන නවතම තීරණයක්..! සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්..!

COVID-19 Ministry of Health Sri Lanka Channa Jayasumana
By Sewvandhi Apr 21, 2022 08:27 AM GMT
Report

මුහුණු ආවරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කලින් ගත් තීරණය වෙනස් කර තිබෙනවා. අප්‍රේල් 18 වැනිදා සිට ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

නමුත් පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ කටයුතුවලදී මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි ඔහු පැවසුවේ. කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ පෙර නිවේදනය වෙනස් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අද නව නිවේදනයක් නිකුත් කළා.

මේ වන විට රට තුළ පැවැත්වෙන විශාල මහජන රැස්වීම් සැලකිල්ලට ගනිමින් මුහුණු ආවරණ පැළඳීමේ අනිවාර්ය අවශ්‍යතාවය ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව පෙර පුරුදු කළ පරිදි එළිමහනේ මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. 2022 අප්‍රේල් 21 වන දින සිට නව තීරණය ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනව


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


Gallery