වහාම ක්‍රියාත්මක පරිදි අද සිට ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ ..!

covid19 Channa Jayasumana Face mask Health ministry Qurrantine
By Sewvandhi Apr 18, 2022 01:03 PM GMT
Report

ඉදිරියේදී මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ ගෘහස්ත මහජන ඒකරාශීවීම්වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

එනම්, රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය covid-19 වසංගත තත්වය හේතුවෙන් අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු ව ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේදී සහ සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද.

සම්මන්ත්‍රණ ආදියේ දී පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now