අක්ෂි කාච ගැන විශේෂ දැනුම්දීමක්..!

Eye Problems Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Sep 10, 2023 01:21 PM GMT
Report

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ, ඉදිරි මාස එක හමාරක කාලය සඳහා ප්‍රමාණවත් අක්ෂි කාච සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පවතින බවයි.

නව අක්ෂි කාච මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද මේ වන විට ගෙන ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.

පසුගිය දිනවල මාධ්‍ය මඟින් වෛද්‍ය සැපයුම් අංශය සතුව අක්ෂි කාච නොමැති බවට විවිධ ප්‍රචාරයන් සිදුවුණ අතර එවැනි තත්ත්වයක් නොමැති අතර වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතියේ ඇතිවූ අඩුපාඩුවක් මත තොග අවසන් වී ඇති බවට සඳහන් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේ, පවතින අක්ෂි කාච තොග ප්‍රමාණවත් පරිදි කළමනාකරණය කිරීමට රෝහල්වලට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර කහ උණ සඳහා ලබාදෙන එන්නත් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙනඒමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ කහ උණ සඳහා ලබාදෙන එන්නත් ලබාගැනීමට සැපයුම්කරුවෙකු නොමැති වීම හේතුවෙන් එම එන්නත් හිඟයක් නිර්මාණය වී ඇති බවය.

කෙසේවෙතත් යුනිසෙෆ් සංවිධානය සමඟ සාකච්ඡා කර කඩිනමින් එන්නත් තොගයක් ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.