එක්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශනය කඩිනම් කරන මෙන් අධිකරණයෙන් දැනුම්දීමක්..

Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Gagana Apr 26, 2024 05:04 AM GMT
Report

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන මෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඊයේ (25) නඩුව කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති අතර, දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

එහි දී, අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා සිටියේ, මෙම සිද්ධියට අදාළව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බැවින් , තවදුරටත් විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි එම නීතිඥවරුන් අධිකරණයෙන් ප්‍රශ්න කර ඇත.

අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් වූ කරුණු සලකා බලා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලීසියට දැනුම් දී තිබේ.

එහි ප්‍රගතිය ඉදිරියේ දී අධිකරණයට වාර්තා කරන ලෙසටත් ඔහු නියෝග කර ඇත.

...........................................................

MAY YOU LIKE