ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.
Ministry of Education
Department of Examinations Sri Lanka
Sri Lankan Schools
Teachers
By Wayomi
අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ, අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාල නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි.
ඔබත් ජංගම දුරකථනයෙන් මේ දේවල් ක්ලික් කරනවද? - SMS, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන දැඩි අනතුරු ඇඟවීමක්.
එමෙන්ම ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වු මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තීය සමිති දැනුම්වත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන ලද යෝජනාව කොමිසම විසින් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිතයි..
මේ අතර 2022 වර්ෂයට වඩා 2024 වර්ෂය වන විට අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍ය අභ්‍යාස පොත් හා උපකරණ මිල අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%