විභාග දෙපාර්තමේන්තුව ගැන විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Department of Examinations Sri Lanka Education
By Aruna Feb 20, 2024 01:31 AM GMT
Report

මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ අතිකාල සේවා ගෙවීම් නොකිරීමට විරෝධය පළ කරමින් විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඊයේ (19 වැනිදා) සිට සියලුම අතිකාල සේවාවලින් ඉවත්ව සිටින බව වාර්තා වනවා.

දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු පවසන්නේ, මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට දැඩි බලපෑමක් එල්ල වන බවයි. 

අතිකාල සේවාවලින් ඉවත් වීමේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව පැවැතුණහොත් ඉදිරියේ පැවැත්වීමට නියමිත ආයතනික විභාගවලට මෙන්ම මැයි මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට ද බලපෑම් ඇති වීම නොවැළැක්විය හැකි බවත් ඔවුහු සඳහන් කරයි.

අතිකාල ගෙවීම ක්‍රමවත්ව සිදු නොවන්නේ ගිණුම් අංශයේ නිලධාරිනියකගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවට චෝදනා කරන කාර්ය මණ්ඩල සාමාජිකයෝ මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා කිසිදු මැදිහත් වීමක් නොකරන බවයි පවසන්නේ.

මේ සම්බන්ධයෙන් විමසීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වුණා.