පාපන්දු ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය එංගලන්තයට

FIFA World Cup Sports Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 19, 2026 03:25 AM GMT
Report

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබේ.

ඒ, තෙවැනි ස්ථානය සඳහා ප්‍රංශ කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල 6-4ක් ලෙස ජයගනිමිනි.

තරගයේ තෙවැනි මිනිත්තුවේදී ඩෙක්ලන් රයිස් එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, 18 වැනි මිනිත්තුවේදී එස්රි කොන්සා දෙවැනි ගෝලය රැස් කළේය.

බුකායෝ සාකා 37, 46 සහ 87 වැනි මිනිත්තු වලදී ගෝල තුනක් වාර්තා කරමින් එංගලන්තයේ ජය තහවුරු කළේය. ඔහුගේ අවසන් ගෝලය 87 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක ලෙස ගෝලයක් බවට පරිවර්තනය කිරීමෙන් වාර්තා විය.

අතිරේක කාලයේ 98 වැනි මිනිත්තුවේදී ජූඩ් බෙලිංහැම් එංගලන්තයේ හයවැනි ගෝලය වාර්තා කළේය.

ප්‍රංශය වෙනුවෙන් කීලියන් එම්බාපේ 48 සහ 66 වැනි මිනිත්තු වලදී ගෝල දෙකක් රැස් කළ අතර, බ්‍රැඩ්ලි බාර්කෝලා 54 වැනි මිනිත්තුවේදී සහ උස්මාන් ඩෙම්බෙලේ අතිරේක කාලයේ 96 වැනි මිනිත්තුවේදී සෙසු ගෝල වාර්තා කළහ.

ඒ අනුව, ගෝල 6-4ක ජයක් වාර්තා කළ එංගලන්තය 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.