Facebook එකට තොරතුරු දැමූ සිසුවා බන්ධනාගාරයට..!

CID - Sri Lanka Police Sri Lanka Police Facebook Sri Lanka Police Investigation
By Sewvandhi Dec 22, 2023 03:35 PM GMT
Report

ආගම්වලට අපහාස වන ආකාරයේ තොරතුරු සමාජ මාධ්‍යවල පළකළ තරුණයෙක් ලබන ජනවාරි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ආගම්වලට අපහාස කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පරිගණක අපරාධ කොට්ඨාසයේ ස්ථාපිත කෙරුණු නව ඒකකය මඟින්, ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය භාවිත කරමින් ආගම්වලට අපහාස කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පරිගණක අපරාධ කොට්ඨාසයේ වෙනම ඒකකයක් ස්ථාපිත ‍කෙරුණේ පසුගිය 13වැනිදාය.

මේ දක්වා එම ඒකකයට පැමිණිලි 4ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 3ක්ම ලැබී තිබුණේ එක් පුද්ගලයෙක් පිළිබඳය. ඔහු ෆේස්බුක් ඔස්සේ බුද්ධ දර්ශනයට සහ කතෝලික දහමට අපහාස වන ආකාරයේ තොරතුරු පළ කර තිබිණි.

Facebook එකට තොරතුරු දැමූ සිසුවා බන්ධනාගාරයට..! | Engineering Student Posted Information Insulting

පසුගිය ඔක්තෝබර් මාසයේ මුල සිට ඔහු මෙම ක්‍රියා සිදුකර තිබේ. ඒ අනුව, ඊයේ (21) රාත්‍රියේ පරිගණක අපරාධ කොට්ඨාසයේ ස්ථාපිත ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගැනුණි.

ඔහු මෘදුකාංග ඉංජිනේරුවෙකු වීමේ අරමුණින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක දෙවැනි වසරේ ඉගෙනුම ලබන 23 හැවිරිදි තරුණයෙකි. ආගම්වලට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය තුළ තොරතුරු පළකිරීමෙන් සැකකාර තරුණයා මුදල් උපයා ඇත්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.

සැකකරු අලුත්කඩේ අංක 6 අධිකරණයට අද (22) පස්වරුවේ ඉදිරිපත් කෙරුණි. එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේ සැකකාර තරුණයා එළඹෙන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධ දර්ශනයට අපහාස වන ආකාරයේ තොරතුරු පළ කරන තවත් පිරිසක් සම්බන්ධයෙන් ශාක්‍යපුත්‍රයෝ ජාතික සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදුකළේය.