දෙදෙනෙක්ට සැලකුම් වැඩි කරද්දී පිටුපස සිටි රොබෝ ගෙන් ඉංජිනේරුවට ප්‍රහාරයක්.

United States of America Elon Musk Technology
By Wayomi Dec 29, 2023 05:53 AM GMT
Report

කර්මාන්ත ශාලාවකදී රොබෝ ප්‍රහාරයකින් එහි ඉංජිනේරුවකුට තුවාල ලැබූ පුවතක් ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඇමෙරිකාවේ ඔස්ටින්හි ටෙස්ලා සමාගමේ කර්මාන්ත ශාලාවකදී මෙම සිදුවීම සිදුව ඇති අතර රොබෝ යන්ත්‍රයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඇලුමිනියම් මෝටර් රථ අමතර කොටස් එහා මෙහා කිරීමට නිර්මාණය කර ඇති රොබෝ අතක් ඉංජිනේරුවකුට පහර දෙන අයුරු දැක එම කාර්මාන්ත ශාලාවේ සේවකයන් දෙදෙනකු බියට පත් වී ඇති බවයි.

දෙදෙනෙක්ට සැලකුම් වැඩි කරද්දී පිටුපස සිටි රොබෝ ගෙන් ඉංජිනේරුවට ප්‍රහාරයක්. | Engineer Injured In Robot Attack

යාන්ත්‍රික දෝෂය ඇති වූ රොබෝ යන්ත්‍රය අසල සිටගෙන තවත් රොබෝ යන්ත්‍ර දෙකක් සඳහා මෘදුකාංග ඇතුලත් කරමින් සිටියදී එම රොබෝ යන්ත්‍රයේ අඬු වලින් ඉංජිනේරුවා අල්ලාගෙන පහර දී ඇත.

පහර දීමෙන් ඉංජිනේරුවාගේ අතකට තුවාල සිදුව ඇති නමුත් ඊලෝන් මසක් එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.