පෝලිම් වල ඉදල EPF ගත්ත කාලේ ඉවරයි - ලියාපදිංචියට සහ දිනයක්,වෙලාවක් වෙන් කර ගන්න මෙතනින් පිවිසෙන්න..අලුත්ම ක්‍රමේ මෙන්න..!

Manusha Nanayakkara Government Employee Sri Lanka Sri Lanka Government
By Sewvandhi Aug 25, 2022 03:57 AM GMT
Report

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීම සඳහා දැනට පවතින දිගු පෝලිම්වලට තිත තැබීම සඳහා පළමුවැනිදා සිට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචිය සදහා දිනයක් සහ වේලාවක් 1958 අංකයට අමතා හෝ http://appointment.labourdept.gov.lk/ යොමුව මගින් ලබාදීමට කටයුතු කළ හැකිය.

ඒ අනුව පෝලිම් නොමැතිව කම්කරු දෙපාර්තමේන්තුව හරහා ලබාගතයුතු සේවාවන් ලබාගැනීමේ හැකියාව සලසා දෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මේ අනුව සාමාන්‍ය ප්‍රතිලාභ අයදුම් කිරීම, 30% ප්‍රතිලාභ අයදුම් කිරීම, මියගිය සාමාජිකයාගේ උරුමකරුවන් ප්‍රතිලාභ අයදුම් කිරීම සහ සේවා යෝජක ලියාපදිංචිවීම් යන කටයුතු මේ ඔස්සේ ඉටුකර ගත හැකියි.

මෙතෙක් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වී තිබූ මාර්ගගත පහසුකම එළැඹෙන 01දායින් පසු දිස්ත්‍රීක් කාර්යාල 40, උපකාර්යාල 17 සහ කලාප කාර්යාල 11 වෙතින් ද ලබා ගැනීමට හැකි බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළා.

මෙතෙක් කාර්යාලයට පැමිණ අංක ලබා ගැනීමේ කටයුතු වෙනුවට මාර්ගගත ව වේලාව වෙන්කර ගත යුතු බව ද, එසේ නොමැති නම් සේවා පහසුකම් ඉටුකර ගැනීමේ දී දුෂ්කරතා මතුවිය හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා. අධීක්ෂණ කාලසීමාවකින් අනතුරු ව මාර්ගගත ක්‍රියාවලිය අනිවාර්ය කෙරෙන බවත්, කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් කාර්යක්ෂමව සහ කඩිනම් ව ඉටුකර දී මහජනතාව පත්වන අපහසුතාවන් අවම කිරීමට මෙමගින් බලාපොරාත්තු වන බවත්, කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.


   සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


Gallery