ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයින්ට වෙන්න යන දේ මෙන්න. - ජනපතිගේ තීරණයත් දැනුම් දෙයි.

Ranil Wickremesinghe Government Of Sri Lanka Sri Lanka Banks
By Wayomi May 14, 2024 11:42 AM GMT
Report

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයින් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

රජය පවසන්නේ, 2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත් වූ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් හා වගකීම් පවරා ගැනීමටත් එහි සේවකයින් අන්තර්ග්‍රහණය කර ගැනීමටත් මේ වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයින් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බවයි.

තෙල් බටය මාරු වෙලා ගහලා වෙච්ච දෙයක්. - බලශක්ති ඇමතිවත් තාම දන්නේ නෑලු.

තෙල් බටය මාරු වෙලා ගහලා වෙච්ච දෙයක්. - බලශක්ති ඇමතිවත් තාම දන්නේ නෑලු.


රජය තවදුරටත් සඳහන් කර ඇත්තේ, විකල්පයක් වශයෙන් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගනු ලබන සේවකයින් සඳහා වෙළෙඳපොළ සාධක සැලකිල්ලට ගනිමින් ගෙවීමක් කිරීමටත් තීරණය කර ඇති බවත්, ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවත්ය. 

...............................................

May you Like