රෝගී කතුන් 02ක් සමග සිටි පිරිමි පුද්ගලයෙකු ගිලන් රථයක දමා රියදුරු කළ වැඩේ.

Jaffna Ministry of Health Sri Lanka
By Aruna May 10, 2022 12:48 AM GMT
Report

යාපනය තෙලිප්පලෙයි රෝහලට ගිලන්රථයකින් රෝගීන් පිරිසක් රැගෙන යමින් සිටි ගිලන්රථ රියදුරෙකු විසින් රෝගීන් ගිලන්රථයේ දමා ආහාර ගැනීම සඳහා ආපනශාලාවකට යාමෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වීමේ සිදුවීමක් යාපනයෙන් වාර්ථා වනවා.

අදාල සිදුවීම 07 දිනයේදී සිදුව ඇති අතර අදාල ගිලන් රථයේ රෝගීන් කෑගැසීම හේතුවෙන් අසල සිටි අයෙකු විසින් එහි ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වෙතට යොමු කොට තිබුණි.

වයෝවෘද්ද පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ගිලන් රථයට ඇතුලත් කොට තෙලිප්පලෙයි රෝහලට ගමන් කොට ඇති අතරේ ගිලන්රථ රියදුරු විසින් මාර්ගය අතරමග නවතා ආපනශාලාවකට ගොස් ඇති අතර එහිදී පැය භාගයක පමණ කාලයක් ගෙවා ඇත.

පසුව තවද රියදුරු විසින් අසල බැංකුවකටද ගොස් පැමිණීම හේතුවෙන් ගිලන් රථයේ සිටි රෝගීන් දැඩි අපහසුතාවයක පත්ව ඇතැයි වාර්ථා වන හෙයින් වහාම අදාල ගිලන් රථරියදුරුගේ ක්‍රියාව සොයා බලන ලෙසටද එම රෝගීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now