මෙරට ප්‍රධාන රෝහලකින් රතු එළියක්.. සමීප ප්‍රදේශ වල අය අවධානයෙන් සිටින්න..
                                    
                    Sri Lanka
                
                                                
                    Ministry of Health Sri Lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ළමාරෝග දැඩි සත්කාර ඒකකයේ උපතින් දුර්වල දරුවන් ට ප්‍රතිකාර කරන ඉන්කියුලේටර් යන්ත්‍ර හතක් මේවනවිට අක්‍රියව ඇති බව ඒම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අමිල ද සිල්වා මහතා පවසනවා.
අඩුබර උපත් සහ වෙනත් රෝග තත්ත්වයන් මත උපදින දරුවන් ආරක්ෂා කරනු ලබන්නේ මෙම ඉන්කියුලේටර් යන්ත්‍රවල රදවා තැබීමෙන් බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියේ.
විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ, රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ඒවැනි යන්ත්‍ර 11ක් ඇති අතර ක්‍රියාකාරිව ඇත්තේ තවත් හතරක් පමණක් බවයි.
ඉන් ඒකක් හදිසි අවස්ථාවක් සදහා භාවිතයට ගැනීම සදහා තබා ගත යුතු අතර සාමාන්‍ය භාවිතය ගනු ලබන්නේ තුනක් පමණයි.
ප්‍රධාන රෝහලකට සිදුවෙමින් යන ඉරණම පිළිබඳව සොයා බලා කඩිනම් විසදුමක් ලබා දෙන්නට වගකිවයුතු බලධාරීන් ක්‍රියා කරන්න.
එසේ නොවුනහොත් ජීවිත දහස් ගණනක් අනතුරේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |