රථ වාහන රියදුරන්නට විශේෂ දැනුම්දීමක්..වසා දැමූ ප්රධාන මාර්ගයක් විවෘත කරයි..
Police spokesman
Sri Lanka Police
TN Weather
Landslide In Sri Lanka
Weather
By Aruna
තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි ගමනා ගමනය සඳහා විවෘත කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.
ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ එම මාර්ගයට පස්කන්ඩි කඩා වැටීම සහ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් ඊයේ (16) පස්වරුවේ සිට එම මාර්ගය තාවකාලික වසා දැමීමටයි තීරණය කෙරුණේ.
0කෙසේවෙතත්, අද (17) දිනයේත් වර්ෂාව ඇඳ හැලුනහොත් එම මාර්ගය යළි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි, ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ.
මේ අතර එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දෙන්නේ, දැඩි සුපරික්ෂාකාරීව මාර්ගයේ ගමන් ගන්නා ලෙසයි.